Database error: Invalid SQL: update pwn_comment set cl=cl+1 where id='15' and iffb='1'
MySQL Error: 1142 (UPDATE command denied to user 'sq_menghfj'@'118.244.214.16' for table 'pwn_comment')
#0 dbbase_sql->halt(Invalid SQL: update pwn_comment set cl=cl+1 where id='15' and iffb='1') called at [/var/www/virtual/mengpinda/home/wwwroot/includes/db.inc.php:73] #1 dbbase_sql->query(update {P}_comment set cl=cl+1 where id='15' and iffb='1') called at [/var/www/virtual/mengpinda/home/wwwroot/comment/module/CommentContent.php:54] #2 CommentContent() called at [/var/www/virtual/mengpinda/home/wwwroot/includes/common.inc.php:526] #3 PrintPage() called at [/var/www/virtual/mengpinda/home/wwwroot/comment/html/index.php:13] 网友点评--上海沐春风建筑科技有限公司
网站标志
商品搜索
热门搜索:奶粉 | 尿不湿 | 奶瓶 | 湿纸巾
    您好,欢迎光临本站!    请  登录  |   注册
当前位置
点评详情
发布于:2018-12-24 16:36:51  访问:25 次 回复:0 篇
版主管理 | 推荐 | 删除 | 删除并扣分
ලුණු !! අස්ථි දුර්වල කරයි
ලුණු රසයට කවුරුත් කැමතියි. හොදි ව්‍යංජනයකට ලුණු අඩුවුවහොත් ගෙදර හැළි වළං බිම හැපේ. ඇඹුල් අඹ කෑල්ල, අමු වෙරළු ගෙඩිය, නමිනං ගෙඩිය ලුණු තැටියක් නැත්නම් අපට කෑමට අසීරුය.
මෙතරම් දිවට හුරු සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් අප කන බොන සාමාන්‍ය ලුණු ගැන මෙන්ම ආහාරවලට එක්කරන වෙනත් සෝඩියම් ලවණ වර්ග (උදා: මොනොසෝඩියම් ග්ලුටමේට් ආදී) ගැනද වෛද්‍ය පර්යේෂකයෝ එතරම් යහපත් ආකල්පයක් නොදක්වති. ලුණු පමණ ඉක්මවා ආහාරයට ගැනීම රුධිර පීඩනය ඉහළ දමන බව කළක සිටම වෛද්‍ය විද්‍යාව පිළිගත් කරුණකි.
අධික රුධිර පීඩනය සහිත රෝගීන්ට ලුණු අඩුවෙන් ලුණු නැති හෝ ආහාර ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබෙන්නේ එහෙයිනි. මෙහි ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් දැනට අධික රුධිර පීඩනය හෝ එහි අවදානමක් නොමැති අයට වැඩිපුර ලුණු ආහාරයට ගැනීම වරදක් නොවන්නේද? යන්නය. එහෙත් වෛද්‍ය පර්යේෂණ හෙළිකරන තොරතුරු අනුව නම් ලුණු අගුණ වන්නේ අධික රුධිර පීඩනයට පමණක් නොවේ. එසේ නම් ඒ වෙනත් කුමකටද?
අපි අද කතා කරන්න යන්නෙ ඒ ගැනයි
ලුණු !! ආමාශයට අගුණයි
මෑතකදී සිදුකළ අධ්‍යයන මගින් පෙන්වා දෙන්නේ අධික ලුණු භාවිතය ආමාශය, සහ බඩවැල සහ ගුද මාර්ගයේ පිළිකා ඇතිකිරීමට දායක වන සාධකයක් බවය. එසේම ආමාශ වණ (තුවාල) ඇතිකිරීමට මෙම සිරිත හේතුකාරක වන බවට සාක්ෂි තිබෙන බවද පර්යේෂකයෝ පවසති.
මෙම මතය පූර්ණ වශයෙන් සනාථ කිරීමට ඔවුන්ට නොහැකි වූවත්, ඔවුන්ගේ සැකය යොමුව ඇත්තේ ආමාශයේ වණ සහ පිළිකා ඇතිකිරීමට ප්‍රධාන වශයෙන් දායක වන හෙලිකොබැක්ටර් ප්යිලෝරි නම් බැක්ටීරියාවම සිය ආසාදනය පහසු කරමින් ආමාශ පටල මත හොඳින් ක්‍රියාකාරී වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමටට ලුණු සමත්වීම කෙරෙහිය. එසේම ආමාශ පරිසරය ලවණ වීම නිසා හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාවට සිය ව්‍යුහය පවා වෙනස් කරගෙන ආමාශ පරිසරය තුළ වඩා ශක්තිමත්ව ජිවත්වෙමින් අධිකව හානි කිරීමට හැකිවන බවට ද න්‍යායයක් ඔවුහු ඉදිරිපත් කර ඇත.
ලුණු !! වකුගඩුවලට අපලයි
ලුණු අධික ප්‍රමාණයක් ආහාරයට ගැනීම සහ මුත්‍රවල කැල්සියම් අඩංගු ප්‍රමාණය වැඩිවීම වකුගඩුවල ගල් ඇති කිරීමට හේතුකාරක වෙයි. එසේම බොහෝ දෙනෙකුට අධික රුධිර පීඩනය ඇතිකිරීමට ප්‍රධාන වශයෙන් දායක වන එක් සාධකයක් වන්නේ ලුණුය.
වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොකිරීමට මෙන්ම වකුගඩු ක්‍රියාවිරහිත (අකරණය) ඇති කිරීමට අධික රුධිර පීඩනය හේතුකාරක වන බව පවසන්නේ එබැවිනි. මෙයට අමතරව සමහර සතුන් සහ මිනිසුන් යොදාගෙන කළ අධ්‍යයන පෙන්වාදෙන්නේ අධික රුධිර පීඩනයේ බලපෑමකින් තොරව සමහර පුද්ගලයින්ගේ වකුගඩුවලට ඍජුවම අහිතකරව බලපෑමට ලුණු සමත් බවය.
ලුණු !! හදවත අසරණ කරයි
මෑතකදී සිදුකළ අධ්‍යයනයක් වාර්තා කරන \"ඇමරිකන් ජර්නල් ඔෆ් ක්ලිහිකල් නියුට්‍රීෂන්\" නම් සඟරාව පවසනුයේ අධිකව ලුණු අඩංගු (මිලිග්‍රෑම් 1500ක් පමණ) එක් ආහාරවේලක් ගත් පසුව පවා සෞඛ්‍යමත් පුද්ගලයන්ගේ රුධිර නාල සතු ඉහිල්වීමේ හැකියාව මිනිත්තු 30ක් තුළ දුර්වල වූ බවකි. අ
ධික රුධිර පීඩනය රහිත පුද්ගලයන් තුළ දක්නට ලැබුණ මෙම වෙනස්කම අනුව නිගමනය කළ හැක්කේ දුර්වල හෘද ක්‍රියාකාරීත්වයක් සහිත අයෙකුගේ හදවත අකරණය (ක්‍රියාවිරහිත) කිරීමට පවා ආහාරපාන මගින් අධිත සෝඩියම් (ලුණු) ප්‍රමාණයෙන් ගැනීම හේතුවිය හැකි බවය.
අධික ලුණු භාවිතය අධික රුධිර පීඩනය ඇතිකරනවා මෙන්ම අධික රුධිර පීඩනය හෘදයාබාධ ඇතිකිරීමට සමත් බව කවුරුත් පාහේ දන්නා දෙයකි. හෘදයාබාධ පමණක් නොව මොළයේ රුධිර නාළ පිපිරීමට සලස්වා ආඝාතය (අංශභාගය) ඇති කිරීමට ද එය හේතුවෙයි.
එහෙත් මෑතකදී සිදු කළ අධ්‍යයන පෙන්වා දෙන්නේ රුධිර පීඩනය සම්බන්ධ කර නොගෙන, කෙලින්ම හෘදය හා රුධිර නාල සම්බන්ධ ගැටලු මතුකිරීමට සෝඩියම් සමත් බවය. ආහාර වේල තුළ සෝඩියම් (ලුණු) අධික වීම නිසා රුධිර නාල කුහර සතු නම්‍යශීලී බව අඩුකර රුධිර නාල තුළ මේදය තැන්පත්ව වඩා ඝන බවට පත්කිරීමට (ඇතිරොස් ක්ලෙරෝසියාව ඇති කිරීමට හා එය වඩා උග්‍ර කිරීමට) සමත් බව ද හෙළිව ඇත.
ලුණු !! අස්ථි දුර්වල කරයි
සෝඩියම් අධික (ලුණු වැඩි) ආහාර වේලක් ගත්විට මුත්‍ර මගින් පිටවන කැල්සියම් ප්‍රමාණය ඉහළ යයි. මෙම ඉහළ යන කැල්සියම් ප්‍රමාණය බොහෝවිට ලබාගන්නේ ඇටවල තැන්පත්ව ඇති කැල්සියම් තුළිනි. එහි පලවිපාකය වන්නේ අස්ථි දුර්වල වී, ඇට බිඳීම් ඇතිවීම හා අස්ථි කුලීනතාව (ඔස්ටියෝපොරෝසිස්) තත්වය ඇතිවීමය. මෙනිසා ලුණු අඩුකිරීම, ශරීරයේ කැල්සියම් තූ®ල්‍යතාවය රැකදීමට සමත්වෙයි.
ආහාර වේලෙහි අඩංගු ලුණු ප්‍රමාණය වැඩිවීම නිසා ශරීරයේ ප්‍රදාහ තත්ත්වයන් (ඇඟ ඉදිමීම) ඇතිවීමට, ඇදුම තත්වය උග්‍ර කිරීමට පමණක් නොව රුධිර නාළ විශේෂයෙන්ම මොළයට ලේ සපයන රුධිර නාළවලට හානි කිරීමට සමත්වෙයි.
එමඟින් මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය දුර්වල කරයි. දැනට සනාථ වී නොතිබුණද මෙම කරුණු ගැන දැන් වෛද්‍ය පර්යේෂකයන් අතර එකඟතාවක් ඇතිවෙමින් පවතියි. මේ අතර ලුණු අධිකව ආහාරයට ගැනීම සහ ශරීරයේ බර වැඩිවීම අතර අනියම් සබඳතාවක් ද පවතින බව පැවසේ. සෝඩියම් වැඩිපුර ශරීරගත වූ විට පිපාසය දැනේ. පිපාසය ඇතිවූ විට අධික කැලරි ප්‍රමාණයක් සහිත එහෙත් වෙනත් පෝෂක හිඟ සිසිල්බීම වැනි බීම වර්ග ගැනීමට පෙළඹීමද ශරීර බර ඉහළ දැමීම, දියවැඩියාව ඇතිකිරීම වැනි තත්ත්වයන්ට මඟපාදනු ලබයි.
මෙසේ අගුණ ගැන කතා කළද ලුණු (සෝඩියම්) අපගේ දිවි පැවැත්මට අත්‍යවශ්‍යමය. එය ශරීරයේ ලවණ –තරල තුල්‍යතාව රැකගෙන අපට කෙලින් සිට වැඩ කිරීමට උදව් වන එක් ලවණයකි. එසේම ස්නායු ආවේග (පණිවුඩ) ගෙන යන කාර්යයේද සෝඩියම් නිරත වෙයි.
එහෙත් පෙර සඳහන් කළ අපල – උපද්‍රව ඇතිවන්නේ හොද්දට දමන ලුණු ස්වල්පය නිසා නොව ලුණු අධික ආහාර ගැනීම නිසා බව අමතක නොකරන්න. කරවල, ජාඩි, සොසේජස්, මීට්බෝල්ස්, බැද ලුණු දැමූ අලපෙති, කජු, රටකජු, ලුණු රස කළ කෙටි ආහාර, සෝස්,, අච්චාරු ආදී ලුණු අධික ආහාර ගැනීම සීමා කිරීම හෝ නොගෙන සිටීම හෝ කළ හැකි නම් මේ වින්නැහි ඇතිවීමට ඉඩක් නොමැත.
//
මෙවන් හරවත් videоs දිනපතා නැරඹීමට අපේ channel එක subscribe කරන්න
共0篇回复 每页10篇 页次:1/1
共0篇回复 每页10篇 页次:1/1
我要回复
回复内容
验 证 码
看不清?更换一张
匿名发表 
脚注信息
Copyright ? 2009-2010 All Rights Reserved. 沐春风涂料 版权所有   沪ICP备01234567号
服务时间:周一至周日 08:30 — 20:00  全国订购及服务热线:4000-88-5517
联系地址:上海市嘉定区南翔高科技园区惠申路83号 邮编201802